ආහාර පිළිගැන්වීමේ සේවයේ රාත්‍රි කාලයේ කාන්තාවන් යෙදවීමට හැකි වන පරිදි සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ පනත යටතේ නියෝගයක් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් ගැසට් කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන් සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාරපාන පිළිගන්වන සේවිකාවක් වශයෙන්, පස්වරු 6.00 පසුව හෝ පෙරවරු 6ට පෙර සේවයේ යෙදවිය හැකියි.
කෙසේවෙතත් එම කාන්තාවන්ගේ සේවා මුරය පස්වරු හයත් පසුදා පෙරවරු හයත් අතර වේලාවක අවසන් වන අවස්ථාවකදී සේවා මුරය අවසන් වූ අවස්ථාවේ සිට පෙරවරු 6 දක්වා සුදුසු නවාතැනක් සැපයීම හෝ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුලුව එම කාන්තාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සුභ සාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිවයුතු බව ද අදාළ නියෝගයේ සඳහන්.





