T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ආදේශ කිරීම සඳහා ICCයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා දී තිබෙනවා.
අයර්ලන්තය එරෙහිව පෙබරවාරි 8 වැනිදා පැවැති තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංගට තරගාවලිය අහිමි වුණා.
ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය ඕමානය සමඟ හෙට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
වනිඳු වෙනුවට සංචිතයට කැඳවූ දුෂාන් හේමන්ත T20 ජාත්‍යන්තර තරග 3ක් ක්‍රීඩා කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා සංචිතය අද පල්ලෙකැලේ දී අවසන් පුහුණු සැසියට එක් වුණා.





