ලෝක මලල ක්‍රිඩා සංගමයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රුමේෂ් තරංග 7 වැනි ස්ථානයට

ලෝක මලල ක්‍රිඩා සංගමයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රි ලංකාවේ රුමේෂ් තරංග 7 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 1273ක් ලබා ගනිමින්.
මෙරට මළල ක්‍රීඩකයෙකු පිටිය ඉසව්වක් සඳහා වන ලෝක ශ්‍රේණිගත කිරීමක දී පළමු දස දෙනා අතරට පැමිණි දෙවන අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
මීට පෙර ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ශූරයකු වන සුමේධ රණසිංහ 2025 වසරේ දී මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණියා.
මීට පෙර ලෝක මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් වල පළමු දස දෙනා අතරට පැමිණීමට නොහැකි වූවද පළමු 25 දෙනා අතරට පැමිනීමට යුපුන් ඒකනායක සහ ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩිකාවක වන හිටපු කෙටිදුර ධාවන ශූරියක වන සුසන්තිකා ජයසිංහ සමත් වුනා.
මේ වන විට 23 හැවිරිදි වියේ පසුවන රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල පලමු දස දෙනා අතර රැදී සිටින ලාබාලතම තරගකරුවා වීම ද විශේෂත්වයක්.

Share