ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරග‍යේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 9ක විශිෂ්ට ජයක්

2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරග‍යේ දී ඕමාන කණ්ඩායම පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 9ක විශිෂ්ට ජයක් සටහන් කලා.
කෙසේ වෙතත් සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මේ ජයග්‍රහනයත් සමග බී කාණ්ඩයේ තුන්වෙනි ස්ථානයෙන් සෑහීමකට පත්වන්නටයි සිදු වුණේ
මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් නාලිකාවටයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍ර්‍ර්ලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2ක් තුළදී සියල්ලන්ම දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 104ක් පමණයි.
කඩා වැටෙමින් තිබූ ඕමාන ඉණිම යම් ගෞරවාන්විත ලකුණු පුවරුවක් වෙත රැගෙන ගිය වසීම් අලී ලකුණු 32ක් රැස්කරගත්තා.
ඔහු හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවකුට පිටියේ ස්ථාවර වීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.
පන්දු යැවීමේදී ඇඩම් සම්පා කඩුළු 4ක් දවාගැනීමට සමත් වුනා.
ලකුණු 105ක පහසු ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4ක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රාහී කඩයිම පසු කිරීමට සමත් වුනා. නායක මිචෙල් මාශ් නොදැවී ලකුණු 64යි.
එම ජයග්‍රහණයත් සමඟ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට බී කාණ්ඩයේ තුන්වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙන්නට හැකියාව ලැබුණා.
කෙසේ වෙතත් ඔවුන්ට නැවතත් සියයට ගම් රට බලා පිටත්ව යාමට සිදුවන්නේ සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් නොලැබීම හේතුවෙන්. මෙම තරගයත් සමග මූලික වටයේ සියලු තරග ඊයෙන් අවසන් වුනා.
සුපිරි 8 දෙනාගේ වටයේ තරග ආරම්භ කරමින් නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රී 7.00ට තරග වැදීමට නියමිතයි.
සම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය ලෙස එංගලන්ත කණ්ඩායම සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වීමට නියමිතයි.

Share