ලෝකයේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන “එල් මෙන්චෝ” මියයයි

ලෝකයේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන මෙක්සිකානු කාටෙල් ප්‍රධානි “එල් මෙන්චෝ” මෙක්සිකානු ආරක්ෂක හමුදා කළ මෙහෙයුමක දී මියගොස් තිබෙනවා.
59 හැවිරිදි ඔහු මෑත වසරවල මෙක්සිකෝවේ බලවත්ම සහ කුප්‍රකට අපරාධ සංවිධානයක් බවට පත්ව තිබූ කල්ලියක නායකයායි.
එල් මෙන්චෝගේ ඝාතනයත් සමග ඔහු පාලනය කළ කලාපය පුරා නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
ඇමරිකාවේ දකුණු දේශ සීමාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා ලැබූ එල් මෙන්චෝ අල්ලා ගැනීම සඳහා ඩොලර් මිලියන 15 ක ත්‍යාගයක් ප්‍රකාශයට පත්කර තිබු අතර මෙම මෙහෙයුම සඳහා තොරතුරු ලැබුණේ ඇමෙරිකාවෙන් බව මෙක්සිකෝවේ ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

Share