ලොව විශාලතම වාර්ෂික මිනිස් සංක්‍රමණය චීනයේ දී

චීන නව අවුරුදු සමය නිමිත්තෙන් සිදුවන ලොව විශාලතම වාර්ෂික මානුෂීය සංක්‍රමණ කාලසීමාවේ ගතවූ 6 වැනි දිනය අවසන් වනවිට මිලියන 220කට අධික සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබෙනවා.
මෙවර වසන්ත උත්සව සමය පෙබරවාරි 2 වැනිදා ආරම්භ වූ අතර, එය මාර්තු 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
මෙම කාලය තුළ දිනකට සාමාන්‍යයෙන් මගීන් මිලියන 12ත් 13ත් අතර ප්‍රමාණයක් දුම්රියෙන් ගමන් කරන අතර, දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලියන 140කට වඩා දැනටමත් අලෙවි වී ඇති බව චීන වාර්තාවල සඳහන්.

Share