ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ මංගල්‍යය ලෙස මෙය සැලකෙනවා.
අඳුර දුරු වී ප්‍රඥා ආලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වනවා.
රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයි.
ශිව දෙවියන් සහ පාර්වතීගේ එක් වීමත්, ශිව දෙවියන් ඔහුගේ දිව්‍යමය නර්තනය වන තාණ්ඩව නර්තතනය ඉදිරිපත් කරන අවස්ථාවත් මහ ශිව රාත්‍රීයේ සිහිපත් කෙරෙනවා.
එයින් සංකේතවත් කෙරෙන්නේ ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහාන්ධකාරය ජය ගැනීම” යි.
මේ අතර මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් නව පරිවර්තන රැසක් සමඟ පුනරුද යුගයක් කරා මේ වන විට ගමන් කරමින් සිටි බවයි.
මහා ශිව රාත්‍රී දිනයෙහි දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කර ඒ මඟ වඩ-වඩා හෙළි කර ගැනීමට එක් වන්නැයි ජනාධිපතිවරයා සියලුදෙනාට ආරාධනා කරනවා.
මේ අතර මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ ශිව දෙවියන්ගේ මංගල්‍යය සංකේතවත් කරන විශ්වාසයන් සමස්ත ලෝකවාසී ජනතාව තුළ ආධ්‍යාත්මික පිබිදීමක් ඇති කරවන බවයි.
රටක් ලෙස සියලු දෙනා මෙම ගුණයන් මත පිහිටා කටයුතු කිරීමෙන් පවතින බංකොලොත්භාවයෙන් මිදී සාමය, සමෘද්ධිය, සහජීවනය, සංහිඳියාවෙන් උදා කර ගත හැකි බව තම විශ්වාසය බවද විපක්ෂනායකවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සදහන්.





