ලොව පුරා රටවල් රැසක් නත්තල විචිත්‍රවත්ව පිළිගත්තා.

දුප්පතුන්ට උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම යනු දෙවියන් ප්‍රතික්ෂේප කිරීම බව ශුද්ධෝත්තම පාප් වහන්සේ පවසනවා.

විකෘති ආර්ථිකය මිනිසුන් හුදු වෙළෙඳ භාණ්ඩ ලෙස සැලකීමට හුරු කර ඇතැයි පාප් වහන්සේ පැවසුවේ නත්තල් මධ්‍යම රාත්‍රි දේව මෙහෙය පවත්වමින්.

ගාසා හි යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ සිට වසර දෙකක කාලයක් නත්තල සැමරීම සිදුනොවූ ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද මෙවර උත්කර්ෂවත්ව නත්තල සැමරුවා.

අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් අනතුරුව උදාවු පළමු නත්තල මෙයයි.

උන්වහන්සේගේ පළමු නත්තල් මධ්‍යම රාත්‍රි දේව මෙහෙයට සහභාගී වීමට බොහෝ පිරිසක් වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දේවස්ථාන චතුරස්‍රයේ රැස්ව සිටියා.

පාප් වහන්සේ විසින් සම්ප්‍රදායනුකූලව ගවලෙන තුළ ජේසු බිළිඳු ප්‍රතිමාව තැන්පත් කරනු ලැබුවා. “අප වෙනුවෙන් උපන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට සාමය ගෙන එයි, දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපට ගෙන එයි,”
“මිනිස් පුද්ගලයාට ඉඩක් ඇති තැන දෙවියන් වහන්සේටද ඉඩක් ඇත,”
මිනිසුන් දුප්පතුන්, දරුවන් සහ ආගන්තුකයන් වැනි අන් අයට ඉඩ සැලසීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔවුන් දෙවියන් වහන්සේටද ඉඩ සැලසීම ප්‍රතික්ෂේප කරනවා.
“විකෘති ආර්ථිකයක් අපව මිනිසුන් හුදු වෙළඳ භාණ්ඩයක් ලෙස සැලකීමට යොමු කරන අතර, දෙවියන් වහන්සේ අප හා සමාන වන අතර, සෑම පුද්ගලයෙකුගේම අසීමිත ගෞරවය හෙළි කරයි,”

Share