ලොව පුරා කිතුණු බැතිමතුන්, මහත් බැතියෙන් සමරණ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා
ඒ අනුව රට පුරා සිටිනා කිතුනු බැතිමතුන් ඒ සදහා වූ දේව මෙහෙයන් වලට සම්බන්ධ වුණා.
ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් ඇරඹෙන මනස්ථාපයේ දින 40ක කාලය අලු බදාදා දිනයෙන් ආරම්භ වනවා.
අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා කිතුනුවන් නිරාහාර ශීල කාලය තුල දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිරත වනවා
දින 40ක මනස්තාපයේ කාලය මෙලෙස ගොබ් ඉරු දිනෙන් අවසන් වන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ රාජශ්‍රීයෙන් ජෙරුසලම් නගරයට පැමිනීම සංකේතවත් කරමින්.
පාස්කු පූර්ව තෙදින ලෙසින් සැලකෙන ශුද්ධ වූ සතිය මහ බ්‍රහස්ප්‍රතින්දා, දිනයෙන් ආරම්භ වනවා ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ගෝලයින් සමග අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වීමත්, සේවකත්වයේ නායකයෙක් වීමට ජනයාට පූර්වාදර්ශය ලබා දෙමින් තම ගෝලයින්ගේ පාද දෝවනය කිරීමත් මෙනෙහි කරමින්
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ගුරුහරුකම් ලබමින් උන් වහන්සේ අසලම සිටි ජුදාස් නැමති ශ්‍රාවකයා විසින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේව රිදී කාසි 30කට පරිසිවරුන් ඇතුළු ජුදෙව්වන් අතට පාවා දුන්නේද එදින රාත්‍රියේදීයි.
ඒ අනුව පුරා දින තුනක කාලයක් එකිනෙකට බැදී පවතින දේව මෙහෙයේ අවසානය සනිටුහන් වන්නේ ආලේලූයියා සෙනසුරාදා ක්‍රිස්තුන් වහන්සේගේ විජයග්‍රාහී උත්ථාන මංගල්‍යයේ දිව්‍ය පූජාව සමගින්.
මහ සිකුරාදා ක්‍රිස්තුන් වහන්සේගේ දුක්ප්‍රාප්ති මෙහෙයේ අරමුණ වන්නේ, මරණය නම් මානුෂික යථාර්ථය තුළින් ජේසුස් වහන්සේ දිනා දුන් පාස්කුව සැමරීමයි.
ඒ අනුව මෙරට කිතුනු බැති මතුන් විව්ධ ප්‍රදේශවල මහ සිකුරාදා දින විශේෂ දේව මෙහෙයන් වලට සහභාගී වුනු අයුරු දක්නට ලැබුනා.
මෙවර මහ සිකුරාදා දින ප්‍රධාන දේවමෙහෙය අද පස්වරු 3.00 කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ පැවැත්වෙන අතර පාස්කු මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය සෙනසුරාදා රාත්‍රී 11ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ පැවැත්වීමට සූදානම් කර ඇත්තේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර පාස්කු උත්සවය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසනවා.





