ලූවර් ටිකට්පත් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රංශ පොලිසිය, නව දෙනෙකු අත්අඩංගුවට

ලොව වැඩියෙන්ම නරඹන කෞතුකාගාරයට යුරෝ මිලියන 10 ක පමණ ආදායමක් අහිමි කළ ලූවර් ටිකට්පත් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රංශ පොලිසිය, නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවේ පසුවන අය අතර ලූවර් කෞතුකාගාර නිලධාරීන් දෙදෙනෙකු, මාර්ගෝපදේශකයින් කිහිප දෙනෙකු සහ ජාවාරමේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයෙකු ද ඇතුළත් බව නිවේදනයක් නිකුත් කරමින් පැරිස් නීතිපති කාර්යාලය පැවසුවා.

පොලිසිය යුරෝ මිලියනයකට ආසන්න මුදල් සහ බැංකු ගිණුම්වල තබා ඇති යුරෝ 500,000 කට ආසන්න ප්‍රමාණයක් ද සිය භාරයට ගෙන තිබෙනවා

2024 දෙසැම්බර් මාසයේදී ලූවර් කෞතුකාගාරය එකම ප්‍රවේශ පත්‍රය නැවත භාවිතා කරමින් චීන සංචාරක කණ්ඩායම්වල විවිධ පුද්ගලයින් කෞතුකාගාරයට ඇතුළු කළ බවට සැක කරන චීන මාර්ගෝපදේශකයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ විමර්ශනය ආරම්භ කෙරුණා.

වසරකට වැඩි කාලයක් තිස්සේ සිදු කරන ලද පරීක්ෂාවකින් පසුව, දශකයක් පුරා දිනකට සංචාරකයින් කණ්ඩායම් 20 කට වඩා මෙලෙස වංචනික ලෙස කෞතුකාගාරයට ඇතුලු කර ඇතැයි හඳුනා ගෙන තිබෙනවා.

Share