ලියොනල් මෙසී ඉන්දියාවට

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී වසර 14කට පසු දින තුනක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.
ඔහුගේ මෙම සංචාරය නම්කර ඇත්තේ ගෝට් ඉන්දීය සංචාරය 2025 නමින්.
ඒ අනුව මෙසී දෙසැම්බර් 13, 14 සහ 15 යන දිනවල ඉන්දියාවේ රඳී සිටිනු ඇති.
ඔහු ඉන්දියාවේ රැඳී සිටින කාලය තුළ කොල්කටා, හයිද්‍රාබාද්, මුම්බායි සහ නවදිල්ලි යන නගර හතර ආවරණය වන පරිදි සිය සංචාරය සිදුකිරීමට නියමිතයි.
මීට අමතරව, කොල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී Goat Cup නමින් පාපන්දු තරගයක් සහ Goat Concert ලෙස මෙසී සමග උත්සවයක් පැවැත්වීමටත් සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙසීගේ පැමිණීම දැක බලාගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුනා.
මෙම සංචාරයේ දී ඉන්දීය ක්‍රිකට් පිටියේ ජනප්‍රිය තරු වන සචින් තෙන්දුල්කාර්, එම්.එස්. දෝනි, රෝහිත් ශර්මා සහ විරාට් කෝලි සහ මෙසී හමුවක් ද සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ලියොනල් මෙසී දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක් දෙසැම්බර් 15 වනදා පැවැත්වීමට ද නියමිතයි.
මෙසී එක්වන විශේෂ වැඩසටහන් සඳහා එක්වීමට සීමිත ප්‍රේක්ෂකයින් පිරිසකට අවස්ථාව හිමිව තිබෙන අතර, එහිදී මෙසී සමග ඡායාරූප ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් 100 දෙනෙකුට අවස්ථාව ලබා තිබෙනවා.
ඒ වෙනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙකු විසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 04කට ආසන්න මුදලක් සංවිධායකයින් වෙත ගෙවීමට සිදුවනු ඇති.
මෙසී මේ සතිය මුලදී තම වෘත්තීය ජීවිතයේ 48 වන පාපන්දු කුසලානය දිනා ගත්තා.

Share