ඝාතනයට ලක් වූ හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයකු වන සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඊයේ ලිබියාවේ බටහිර සින්තාන් නගරයේදී ඝාතනයට ලක්ව තිබෙනවා.
ඔහුගේ නිවසට කඩා වැදුණු වෙස්මුහුණු පැළඳගත් පිරිසක් ඔහුට ඩෙඩිතබා පලාගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ
ගඩාෆිගේ දෙවන පුත්‍රයා වශයෙන් සැලකෙන සයිෆ් අල්-ඉස්ලාම් ඝාතනයට ලක්වන විට 53වන වියේ පසුවූ අතර, ඔහුගේ පියාගේ උරුමක්කාරයා සහ ලිබියාවේ දෙවන බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු බවයි පැවසෙන්නේ .
ඔහුගේ පියාගේ පාලන කාලයේ දී විරුද්ධවාදීන්ට එරෙහිව වධහිංසා පැමිණවීම සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා විශාල වශයෙන් එල්ල වී තිබූ අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.





