ලිතුවේනියාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

බෙලරුස් සිට ක්‍රියාත්මක කළ කාලගුණ විද්‍යා බැලූන් සහ ඩ්‍රෝන යානා ලිතුවේනියානු ගුවන් අවකාශයට අනවසරයෙන් ඇතුළු වීමෙන් පසු ලිතුවේනියාව ආරක්ෂක සහ ගුවන් සේවා-ආරක්ෂිත පියවර සක්‍රීය කර තිබෙනවා.

2025 දී බැලූන් 600 ක් සහ ඩ්‍රෝන යානා 200 කට ආසන්න ප්‍රමාණයක් ලිතුවේනියානු ගුවන් අවකාශයට ඇතුළු වූ බවත්, එමඟින් විල්නියස් ගුවන්තොටුපළේ ගුවන් ගමන් 300 කට අධික සංඛ්‍යාවකට බාධා ඇති වූ බව සඳහන්.

මේ අනුව ලිතුවේනියාව රට පුරා හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පවතින තත්ත්වය තුළ ලිතුවේනියාවට පැමිණිමේදී සහ පිටවීමේදී නිල නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් ගුවන් ගමන් ප්‍රමාදයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා.

සංචාරයට පෙර ඕනෑම විශේෂ සහායක් සඳහා, ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු පුරවැසියන්ට අදාළ නිල දුරකථන සහ විද්‍යුත් තැපැල් හරහා නවදිල්ලියේ ලිතුවේනියා ජනරජයේ තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය අමතන්නැයි උපදෙස් දෙනු ලබනවා.

Share