ලාෆ්ස් ගෑස් සමාගම සිය වගකීම් නිසියාකාර ඉටු කිරීමට අපොහොසත්වීම, වෙළඳපොළේ පවතින ගෑස් අර්බුදයට ප්‍රධානතම බව හේතුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මාර්තු මාසය වන විටත් ගෑස් සැපයීම නිසියාකාර ඉටුකිරීමට නොහැකිවුවහොත් සමාගමට එරෙහි රජය ක්‍රියාමාර්ග ගන්නා බවයි. දිවයිනේ ප්‍රදේශ රැසක පසුගිය දින කිහිපයක සිට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් හිඟයක් මතුව ඇතැයි පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් චෝදනා කරනවා.කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ ප්‍රමාණවත් ලෙස ලිට්‍රෝ ගෑස් පවතින බැවින් අනවශ්‍ය පරිදි තොග රැස් නොකරන ලෙසයි.
මෙම ගෑස් හිඟය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000ක එල් පී ගෑස් ආනයන-අපනයන ගබඩා පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බවයි.
එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරින් සමග නිරන්තර සම්බන්ධිකරණයෙන් කටයුතු කරමින් සිටින බවද නිවේදනයේ සඳහන්.
දේශීය ගෘහස්ත එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග කොළඹ වරාය හරහා මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.
කෙසේවෙතත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රට තුළ ගෑස් අර්බුදයක් ඇති වීම සම්බන්ධයෙන් ලාෆ්ස් සමාගමට දෝෂාරෝපණය කළා





