ශ්‍රී ලාංකිකයින් ද ඇතුළු 18 දෙනෙකුගෙන් සමන්විත නෞකා කාර්යය මණ්ඩලයක් සමග ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් විසින් භාරයට ගෙන තිබෙනවා.
ඒ ලීටර් මිලියන 06ක ඉන්ධන තොගයක් නීතිවිරෝධීව ජාවාරම් කරන බවට චෝදනා කරමින්.
ඕමාන බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ දී අදාළ නෞකාව ඉරාන බලධාරීන්ගේ භාරයට ගෙන ඇති බවටයි වාර්ථා වන්නේ.
ලොව අඩුම ඉන්ධන මිල ගණන් පවතින ඉරානයේ සිට අසල්වැසි රටවල් වෙත මුහුදු මාර්ගයෙන් ඉන්ධන ජාවාරම් බහුලව සිදුවනවා.
මේ අතර නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්, ටෙහෙරාන් සහ මස්කට්හි තානාපති කාර්යාල හරහා නිල තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවා.





