ලකුනු 236ක දැවැන්ත ලකුණු පුවරුවක් සකස්කල අයර්ලන්තය

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවැති තරග ජය ගැනීමට‌ අයර්ලන්තය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමත් වුණා.
නිදහස් සංඛ්‍යාත ඔස්සේ තරගාවලියේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් වෙතයි.

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින බී කාණ්ඩයේ තරගයක් ලෙස අයර්ලන්තය සහ ඕමානය අතර තරගය පැවැත්වුණේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී.
පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 235ක් රැස් කළා.
මෙය මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ ශ්‍රී ලංකාව ලකුණු 225 ක් ලබා එම වාර්තාව පිහිටවූයේ ඕමානයට එරෙහිව වීම විශේෂත්වයක්.
ලකුනු 236ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඕමාන කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 139ක් පමණයි.
මෙය තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය මෙයයි.

Share