ලකුණු 211ක ඉලක්කය හඹා ගිය ගුජරාට් කණ්ඩායමට රැස්කර ගත හැකිවූයේ ලකුණු 204ක් පමණයි.

IPL තරගාවලියේ තවත් තරගයක් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහ්මදාබාද් හීදී ඊයේ පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුළු 6ක් දැවී ලකුණු 210ක් රැස්කර ගත්තා.
තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් යශස්වි ජයිස්වාල් සහ වෛභව් සූර්යවංශි පළමු කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩ නැගුවා.
ජයිස්වාල් ලකුණු 55යි.
සූර්යවංශි පන්දු 18කින් ලකුනු 31ක් රැස් කළා.
රාජස්ථාන් ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ධෘව් ජුරෙල් පන්දු 42කින් ලකුණු 75ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ලකුණු 211ක ඉලක්කය හඹා ගිය ගුජරාට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 204ක් පමණයි.
තරගාවලියේ තවත් තරග 2ක් අද පැවැත්වීමට නියමිතයි.
සන්රයිසස් හයිද්‍රාබාද් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර තරගය හයිද්‍රාබාද් හීදී පස්වරු 3.30ට ආරම්භ වනවා.
රෝයල්ස් චැලෙන්ජර්ස් බැංග්ලූරු සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ බැංග්ලූරු හීදී.

Share