රේගුවෙන් වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
2024 තෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.3ක් ලෙස දැක්වුණා. ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ධන වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ අඛණ්ඩව තෙවැනි වසරටයි.
එය අවසන් වසර 7 තුළ තෙවැනි කාර්තුවේ දී වාර්තා වූ ඉහළම අගයයි.

2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 3.6, සියයට 8.1 ක් සහ සියයට 3.5 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් 2024 වර්ෂයේ තෙවැනි කාර්තුවට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන්නේ සේවා ආර්ථික කටයුතුවල පමණයි.

මේ අතර නාස්තිය අවම කර බදු ගෙවන්නා තුළ විශ්වාසය වර්ධනය කිරීම තුළින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 50ක අතිරේක බදු ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලස්ථානයේදී නව සහකාර කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
SOUND UP – ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – නියෝජ්‍ය අමාත්‍ය – මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය
මේ අතර 2025 වසරේ දෙසැම්බර් 11 වැනිදා වනවිට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු විසින් රුපියල් බිලියන 2371.2ක ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එය 2025 වසරේ ඉලක්කගත රේගු ආදායමට වඩා රුපියල් බිලියන 255.3 කින් වැඩි අගයක් බවයි.

Share