මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය සමඟ සෘජුවම බලපෑමට ළක්ව ඇති ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් රජය විසින් රුපියල් බිලියන 100ක සහන පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දීමනා ඉහළ නැංවීම, ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක් ලබා දීම, පොහොර සහනාධාරය ඉහළ නැංවීම ඊට අයත්.
සහන පැකේජය නිවේදනය කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පවතින අයවැය තුළින් ප්‍රතිපාදන සපයා ගනු ලබන අතර මුදල් මුද්‍රණය කිරීමක් හෝ ණය ලබා ගැනීමක් නොකරන බවයි.
ගල් අඟුරුවල ප්‍රමිතිය බාල වීම හේතුවෙන් අඩුවන විදුලි උත්පාදනය ඩීසල් මගින් සපයා ගැනීමේ වියදම කිසිසේත් විදුලි බිලට එකතු නොකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා. මේ අතර අඛණ්ඩ බලශක්ති සැපයුමක් පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළා.





