ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් සහ පරිත්‍යාග ශීලීන්ගෙන් ලැබෙන පඬුරු මුදල් සහ ආධාර යොදා ගෙන මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කළ නව මුළුතැන්ගෙය ඊයේ විවෘත කෙරුණා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමෙන්තුවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරුණු මෙහි එකවර 2000කට ආහාර පාන සැකසිය හැකි අංගසම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විතයි.





