රුසියාව-යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා යෝජිත සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡාවලදී “අතිවිශාල ප්‍රගතියක්”

රුසියාව-යුක්රේන අතර යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය විසින් යෝජිත සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡාවලදී “අතිවිශාල ප්‍රගතියක්” අත්කර ගෙන ඇති බව රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා.

නමුත් “තවත් කළ යුතු වැඩ කිහිපයක් ඇතැයි, ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී යුක්රේන සහ යුරෝපීය සාකච්ඡාකරුවන් හමුවීමෙන් පසු රුබියෝ සඳහන් කළා.

එක්සත් ජනපද යෝජිත සැලැස්ම කරුණු 28 කින් යුක්තයි.

කෙසේ වෙතත්, අවසන් එකඟතාව රුසියාවට යැවීමට පෙර ඊට යුක්රේන සහ එක්සත් ජනපද ජනාධිපතිවරුන් එකඟ විය යුතු බවත් ඇමරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා පැවසුවා.

Share