රුසියා – යුක්රේන යුද්ධය තවත් වටයකින් අලුත් කරමින් රුසියාව, ඩ්‍රෝන යානා 948ක් යොදා ගනිමින් ඊයේ යුක්රේනයට විශාලතම ගුවන් ප්‍රහාරයක් දියත් කර තිබුණා.
යුක්රේන ගුවන් හමුදාව පැවසුවේ අඟහරුවාදා රාත්‍රී 07:00 සිට රාත්‍රී 9:00 දක්වා රුසියාව ඩ්‍රෝන යානා 556ක් යුක්රේනය දෙසට එල්ල කර ඇති අතර, එම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් දුසිම් ගනනකට තුවාල වී ඇති බවයි
ඒ් සමගම රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ ලිවිව් නගර මධ්‍යයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුම අඩවියක කොටසක් වන 16 වන සියවසට අයත් බර්නාඩින් ආරාමයට ද හානි සිදු වූ බවයි යුක්රේන බලධාරීන් පවසන්නේ.
අඟහරුවාදා වීඩියෝ දේශනයක් පවත්වමින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ නවතම ප්‍රහාරවල පරිමාණයෙන් මෙම යුද්ධය අවසන් කිරීමට රුසියාවට කිසිදු අදහසක් නොමැති බව නැවතත් පැහැදිලිව පෙන්නුම් කර ඇති බවයි.
ඩිමොක්‍රටික් අපේක්ෂිකා එමිලි ග්‍රෙගරි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා බලකොටුවේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් වී තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික මන්දිරය වන මාර්-ඒ-ලාගෝ මන්දිරය පවා පිහිටි ෆ්ලොරිඩාව සැලකෙන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සහ රිපබ්ලිකන්වරුන්ගේ බලකොටුව ලෙසයි.
කෙසේ වෙතත් ෆ්ලොරිඩා දිස්ත්‍රික් ප්‍රාන්ත මන්ත්‍රී ආසනය ජයගෙන අත්තේ පළමු වරට මැතිවරණයකට ඉදිරිපත්වූ අපේක්ෂිකාවක් වන එමිලි ග්‍රෙගරි විසින්.
එහිදී ඇය හමුවේ පරාජයට පත්වෙන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ අතිශය සමීප සගයකු වන රිපබ්ලිකන් අපේක්ෂක ජෝන් මේපල්ස් වීමත් විශේෂයක්.
2024 ජනාධිපතිවරණයේ දීත් රිපබ්ලිකන් පක්ෂය ෆ්ලොරීඩාව විශාල වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර තිබුණා.
කෙසේ නමුත් එක්සත් ජනපදය තුළම ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි විරෝධතා ඉහළ යද්දී, සිදුවූ එමලි ග්‍රෙගරිගේ ජයග්‍රහණය, මෙම වසරේ පැවැත්වෙන කොංග්‍රස් මධ්‍ය කාලීන මැතිවරණය පිළිබඳ කදිම ඇඟවුමක් බවයි විචාරකයින් පවසන්නේ.
අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අනුමැතිය ඉල්ලමින් ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි පැවැත්වූ ජනමත විචාරණයෙන් ඇය පරාජය වී තිබෙනවා.
ජනමත විචාරණය මගින් විනිසුරුවරුන් සහ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව එකිනෙකාගෙන් වෙන් කිරීමට යෝජනා කර තිබූ අතර, එය ඉතාලි අධිකරණ පද්ධතියට අතපෙවීමට රජය දරන ලද උත්සාහයක් ලෙසයි එරට වාමාංෂික සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් චෝදනා කළේ.
යුරෝපයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ශක්තිමත්ම සහචරයෙකු ලෙස සලකනු ලබන මෙලෝනි ලද පරාජය ඇගේ අන්ත දක්ෂිණාංශික නායකත්වයට එල්ල වූ ප්‍රහාරයක් ලෙසයි සැලකෙන්නේ.





