සිරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ඝාතනය කර ඇත්තේ ඩාර්ට් නම් විෂ සහිත ගෙම්බන් යොදා ගනිමින් සකස් කළ විෂක් භාවිතයෙන් බවට බ්‍රිතාන්‍යය ඇතුලු යුරෝපීය රටවල් පහක් රුසියාවට චෝදනා කරනවා.
ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය සහ නෙදර්ලන්තය පැවසුවේ නවාල්නිගේ සිරුරෙන් ලබාගත් සාම්පල විශ්ලේෂණය කිරීමෙන් දකුණු ඇමරිකාවේ විෂ සහිත ඩාර්ට් ගෙම්බන් තුළ දක්නට ලැබෙන එපිබැටිඩින් නම් විෂ ද්‍රව්‍යය තහවුරු වූ බවයි.
එය රුසියාවේ ස්වභාවිකව දක්නට නොලැබෙන බව ද නිවේදනයේ දැක්වුණා.
නවාල්නිගේ මරණයට කිසිදු වගකීමක් භාර ගැනීම නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇති රුසියානු රජය, නවතම චෝදනා “බටහිර ප්‍රචාරක ප්‍රෝඩාවක්” ලෙස හඳුන්වමින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.





