රුපියල් 50,000ක අල්ලසක් ලබා ගත් වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙක් අත්අඩංගුවට

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව රුපියල් 50,000ක අල්ලසක් ලබා ගත් වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැමිණිලිකරු විසින් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ගොඩනැගිලි සැලැස්මේ අඩුපාඩු පෙන්වා එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කර දීමට අවශ්‍ය කටයුතු සිදු කර දීම සඳහා අල්ලස් ලෙසයි රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා ඇත්තේ.

Share