ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 08කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 44,000ක මුදලක් ද පොලිස් භාරයට ගැනුණා





