රුපියල් මිලියන 600 ක් වැය කර ඉදි කෙරු ගෘහස්ථ පුහුණු සංකීරණය විවෘත කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් “ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ” වැඩසටහන යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකරන ලද ජාතික උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ ගෘහස්ථ පුහුණු සංකීර්ණය අද විවෘත කෙරුණා.
ඒ ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ පිතිකාරිනී විශ්මි ගුණරත්නගේ අතින්.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලු පිරිසක් එක් වුණා.

මෙම ගෘහස්ථ පුහුණු සංකීර්ණය වේග පන්දු යවන්නන් සඳහා සුදුසු තණතීරු 2ක් , දඟ පන්දු යවන්නන් සඳහා තණ තීරු 2ක් සහ විශේෂ අවස්ථා සඳහා භාවිතා කිරීමට තණතීරු 3ක් ලෙස සමස්ථ තණ තීරු 7කින් සමන්විත වනවා.
මෙම උසස් තාක්ෂණය යුත් ගෘහස්ථ පුහුණු සංකීරණය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැය කර ඇති මුදල රුපියල් මිලියන 600 ක්.
ගෘහස්ථ පුහුණු සංකීරණය විවෘත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ ජාතික කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු සැසියකටද එක් වුණා.

Share