නාඳුනන වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයකින් මියගිය බංග්ලාදේශයේ ජනප්‍රිය ශිෂ්‍ය නායක ෂරීෆ් ඔස්මාන් හාඩිගේ මරණයට ඉන්දියාව වගකිව යුතු බවට චෝදනා එල්ල වෙනවා.
බංග්ලාදේශය පුරා එක රැයකින් විරෝධතා ඇවිළවූ විරෝධතාකරුවන් ඩකා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ චැටෝග්‍රෑම් හි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල කාර්යාලයට ද පහර දුන්නා.
එමෙන්ම ඉන්දියාවට සහ අවාමි ලීගයට අනුබල සපයන බවට චෝදනා කරමින් ‘ඩේලි ස්ටාර්’ සහ ‘ප්‍රොතොම් අලෝ’ නැමති ප්‍රධාන පුවත්පත් ආයතන දෙකකට ද ගිනි තබා තිබෙනවා.
ශීෂ්‍ය අරගලයෙන් පසු පලාගිය හිටපු අගමැති ෂෙයික් හසීනාට ඉන්දියාව රැකවරණය සැලසීම සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ ඔස්මාන් හාඩිගේ දැඩි විරෝධයට හේතවී තිබූනා.
ඔහුගේ ප්‍රසිද්ධ කතාවලදී අවස්ථා ගණනාවක ඔහු අසල්වැසි බංග්ලාදේශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිපත්තිය පිළිබඳ ඉනදියාවට චෝදනා කර ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් මෙම ඝාතනය ඉන්දියවේ අනුග්‍රහයෙන් සිදු කරකරන ලද්දක් බවටත්, හාඩි ඝාතනයේ සමහර සැකකරුවන් ඉන්දියාවට පලා ගොස් ඇති බවටත් ඔහුගේ ආධාරකරුවන් චෝදනා කරනවා.





