රිය අනතුරුවලට බලපා ඇති මූලික හේතුව, මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනයේ නිරතවන රියදුරන් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා පවසනවා. දෛනිකව සිදුවන රිය අනතුරු සහ ජීවිත හානි අවම කිරීමමේ අරමුණෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ප්‍රවාහන අමාත්‍යාංශය හා පොලිසිය එක්ව පසුගියදා ආරම්භ කළ බස් රථ රියදුරන් සහ රිය සහයකයින් හඳුනාගැනීමේ මෙහෙයුම් අදත් ස්ථාන කිහිපයකදී සිදුකෙරුණා.
අද උදෑසන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙුණේ පානදුර බස් නැවතුම්පොල පරිශ්‍රයේ. ඒ, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්වයි. එම අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණවලින් බීමත්ව සිටි බවට සනාථ වූ රියදුරෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.
මේ අතර හම්බන්තොට සිට – කොළඹ දක්වා ධාවනය කෙරෙන මඟී ප්‍රවාහන බස් රථයක් ගාලු පාරේ අනාරක්ෂිතව ධාවනය කරන බවට මොරටුව පොලිසියට ලද තොරතුරක් එහි රියදුරු අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වී තිබෙනවා.
මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි සොයා බැලීමට බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට සිදු කරනු ලබන අහඹු පරීක්ෂණ මඟහරිමින් සිටින පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා පවසනවා.





