රෝහලේ දී රැඳවියෙකුට වෙඩි

අද උදෑසන නාගොඩ ශික්ෂණ රෝහලේ දී නානඳුන පුද්ගලයකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් බන්ධනාගාර ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු තුවාල ලබා තිබෙනවා.
එම රඳවියා බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ. නාගොඩ ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුවවක් වන වාට්ටු අංක 14 ප්‍රතිකාර ලබමින් සිටි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත මෙම රැඳවියාට අද පෙරවරු 6.15 පමණ නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා තිබෙනවා.

මෙම වෙඩි තැබිම සිදු වන අවස්ථාවේ ඒ අසල බන්ධනාගාර නිළධාරීන් ද රඳවියාගේ ආරක්ෂාවට යොදා සිට ඇති අතර රැඳවියාගේ පාදයට ද මාංචු යොදා තිබූ බවයි වාර්තා වන්නේ.
උදෑසන රෝගීන් බලන වේලාවේ සිදුකළා මෙම වෙඩි තැබිමෙන් රඳවියාගේ උදරය ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඒ අනුව රඳවියා පෙරවරුවේම ශල්‍යකර්මයකට භාජනය කළ බවද අදාල නිළධාරීයා වැඩිදුරටත් කියා සිටියා.
පොලිසිය සදහන් කලේ වෙඩි තැබිම සදහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවයි.
වෙඩි ප්‍රහාරය එල්ල කිරිමෙන් පසු වෙඩික්කරු රෝහලේ තාප්පයට උඩින් පැන පලාගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලීසිය සදහන් කළා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නැමැත්තා බව පොලීසිය සදහන් කළා.

ඔහු දෙසැම්බර් 13 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙකු වෙනවා.
මෙම තැනැත්තා බන්ධනාගාර ගතව සිටියදී පසුගිය 29 දා බන්ධනාගාර රැඳවියන් පිරිසකගේ පහරදීමකට ලක්ව නාගොඩ රෝහලට ඇතුගත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කියා සිටියා.
කළුතර අපරාධ කොට්ටාසය, විශේෂ කාර්ය බළකා නිලධාරින්, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින්ද පරීක්ෂණ සඳහා කැඳවා තිබුණා.

Share