භික්ෂුන් වහන්සේලා ලබාදෙන අනුශාසනාවලට සවන්දීමට තරම් පෞරුෂයක් දේශපාලනඥයින් සතුව තිබිය යුතු බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව පවසා සිටියේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසකගේ සහභාගීත්වයෙන් පානදුර ගල්ගොඩ පුරාණ විහාරයේදී පැවති පූජෝත්සවයට එක්වෙමින්.
රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකර නාහිමියන්ගේ පැවිදි දිවියට වසර 45ක් සහ උන්වහන්සේගේ උප සම්පදා දිවියට වසර 22ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ උපහාර උත්සවයක් පානදුර ගල්ගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාව සඳහා හිටපු කථානායක කරු ජයසූරිය, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිලන්ති කොට්ටහච්චි සහ චන්දිම හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.





