ජෛ විවිධත්වය ආරක්ෂා කිරීමට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන මෙරට පරිසර පද්ධයේ අතිශය සංවේදී වනාන්තර කොටසක සිදු කරගෙන යන දැවැන්ත වන සංහාරයක් පිළිබඳ තොරතුරක් ටීවී සුප්රීම් නිව්ස් වාර්තා වනවා.
ඒ පුත්තලම වනාතවිල්ලුව ආශ්රිත මහා කඩොලාන වනාන්තරය හිත්පිත් නොමැතිව විනාශ කිරීම පිළිබද පුවතක්.මේ එම ප්රදේශයේ දැවැන්ත කඩොලාන වෘක්ෂයන් බිම හෙළමින් රාජ්ය නිළධාරීන්ගේ ද අනුග්රහය නොමදව ලබමින් හොර රහසේ ම සිදු කෙරෙනා එම වන සංහාරය පිළිබඳවයි.
පුත්තලම දිස්ත්රික්කයේ වනාතවිල්ලුව ප්රාදේශිය ලේකම් කොට්ඨාසය යනු වර්ගකිලෝමිටර් 500කට අධික වන වැස්මක් සහ විවිධ වනාන්තර පද්ධතින්ට අයත් ශාක සංවේදී පරිසර කලාපයක්.
එක් පසෙකින් විල්පත්තුවටත්, අනෙක් පසින් කලපු තීරයන්ටත්, ගංගා ආශ්රිත ජලජ පද්ධතිවලටත් මායිම්ව පිහිටා ඇති මෙම ප්රදේශය සංචාරක ආකර්ශනය අතින් ද ඉතා වැදගත් ප්රදේශයක්.
ජෛව විවිධත්වය උදෙසා වඩා වැදගත්කමක් උසුලන මෙම ප්රදේශයට අයත් වට්ටකන්ඩල් ග්රාම නිළධාරි වසමේ කලපු තීරයට යාබදව පිහිටි මෙම කඩොලාන වනාන්තරය සංවිධානාත්මක ඉඩම් ජාවාරම්කරුවන්ට හසු වීමෙන් පත්ව ඇති තත්ත්වයයි මේ.
ලුණු ලේවායට බටහිර දෙසින් මෙම භූමියේ ඇති අක්කර දහයකට ආසන්න ස්භාවික කඩොලාන පරිසර පද්ධතිය මෙලෙස විනාශ කර තිබෙන්නේ ලුණු ලේවා ඉදිකිරීමේ යටි අරමුණෙන්.
1990 දශකයේ සිට මේ දක්වා වරින් වර ඉස්සන් වගා සහ ලුණු ලේවා ඉදිකිරීම සදහා මෙලෙස සංවිධානාත්මක ඉඩම් ජාවාරමුන් ඉවක් බවක් නොමැතිව සංවේදී කඩොලාන පරිසර පද්ධතිය විනාශයට ලක් කළේ වරක් දෙවරක් නොවෙයි.
දැවැන්ත වන සංහාරයක් මෙන්ම වන හායනයක් ද සිදු කරමින් කරගෙන යනු ලබන මෙම විනාශය කිසිසේත් සුළුපටු නැහැ.
මෙම යාන්ත්රණය පසුපස රජයේ බළධාරින්ගේ නොමද සහය ද ලැබෙමින් තිබෙන බවටයි ප්රදේශවාසීන් පවසන්නේ.
ඔවුන් චෝදනා කරන්නේ මෙතෙක් කල් වරින්වර සිදු කෙරෙනා මේ දැවැන්ත විනාශයන්ට විසඳුම් දීම හෝ ඒ වෙනුවෙන් නීතිය ක්රියාත්මක කිරීම කෙරෙහි බලධාරීන්ගේ ඇස් විවර නොවන්නේ ඒ නිසාවෙන් බවයි.
එසේත් නැත්නම් අමු අමුවේ මෙවැනි සහාසික අපරාධ සිදු කිරීමට ජාවාරමුන්ට ඉඩකඩ සලසා දී තිබෙන්නේ කුමන පදනමකින්ද.
මෙම ජාවාරමුන් මෙලෙස ඉවක් බවක් නොතකා කඩොලාන පරිසර පද්ධතිය මුළුමනින්ම විනාශයට ලක්කරමින් දැවැන්ත වනස්පතීන් බිම හෙළිමෙන් අනතුරුව සතියක් දෙකක් ගතවීමට ඉඩ හැර ඒවා විනාශ වූ පසු එකී භූමිය රජය සතු හිස් ඉඩමක් බව පවසමින් එහි සංවර්ධනය සදහා අවශ්ය අනුමැතියට සුදුසු බව නිර්දේශ කරමින් දිස්ත්රික් සංවර්ධන හෝ ඉඩම් පරිහරණ කම්ටුවට යෝජනාව ඉදිරිපත් කර වාර්ෂික බදු බල පත්ර යටතේ මොවුන්ට රිසිසේ ලුණු ලේවා ඉදිකිරීමට සෘජු අනුමැතිය ලබා දීමට පියවර ගන්නවා.





