හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය්දී අද පස්වරුවේ යළි කැඳවීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන එවකට ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතා අතුරුදන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩන් නුවර බලා යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එම ගමන සඳහා හිටපු ජනාධිපති සමග ඔහුගේ බිරිඳ, පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, වෛද්‍යවරයෙකු සහ පොලිස් නිලධාරීන් ඇතුළු 10 දෙනෙකු සහභාගී වී ඇති බවත් ඔහු මෙම සංචාරයට සහභාගී වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය රජයේ නිල ආරාධනයක් අනුව නොවන අතර, මේ සඳහා මුදල් අනුමත කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් බවත් ඔහු මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුවකු වශයෙන් හඳුනාගෙන තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරල්වරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරුණේ හෘදය වස්තුවේ ඇති ව තිබෙන බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන්.
කෙසේ වෙතත් නඩුව නැවත කැඳවූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නීතිඳවර්න් විසින් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර විසින් හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් යටතේ මුදාහැරීමට නියම කරනු ලැබුවා.
ඊට දින කිහිපයට පසුව රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගියා.
නඩුව යළි ජනවාරි 28 වැනිදා කැඳවීමට නියෝග කෙරුණා.
ඒ අනුව ඊට අදාළ නඩුව අද පස්වරු 1.00ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතයි.
රනිල් වික්‍රමසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන අධිකරණයට ඉදිරිපත් කළ දිනයේ අධිකරණ පරිශ්‍රයට පිරිස් එක්රැස් විමත් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා.
එ අනුව මහේස්ත්‍රාත් වරයාගේ නියෝග පරිදි අදාළ සිදුවීම් හා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් පවත්වා, අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි අද දින අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වක ජනාධිපති ලේකම්වරයාව සිටි සමන් ඒකනායක මහතාව සැකපිට අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහු අත්ඩංගුවට ගැනීම සඳහා පදිංචිව සිටින නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ඊයේ ගොස් තිබුණද ඔහු ඒ වන විට නිවසේ නොසිටි බවයි.





