රතු නිවේදන නැතුව ඇල්ලූ ලැසී

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ව දින 7ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබෙනවා.
ඉන්දියාවේදී එරට ආරක්ශක අංශ විසින් අත්අඩංගුවට ගත් පොඩි ලැසී අද අලුයම මෙරටට රැගෙන ආවා.
පසුව ඔහු ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දුන්නා. ජනිත් මධුසංඛ නොහොත් පොඩ් ලැසී අද අලුයම මෙරටට රැගෙන ආවා.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි මනෝජ් මෙන්ඩිස් නැමැත්තා ඝාතනය කිරිමේ චෝදනාව මත පලමු වරට පොඩි ලැසීව අත්අඩංගුවට ගන්නේ 2016 වසරේදීයි.
එලෙස අත්අඩංගුවට ගත් පොඩි ලැසීට මනුෂ්‍ය ඝාතන, ගිනිඅවි සන්තකයේ තබාගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
ඊට අදාළ නඩු බලපිටිය සහ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වෙමින් පැවැතියා.
එම චෝදනාවලින් එකක් වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ බන්ධනාගාර ඉහළ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධ නඩුවයි.
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ එම නඩුවට පොඩි ලැසීට 2018 වසරේ ඇප නියම වනවා.
කෙසේ වෙතත් ඔහු එම ඇප කොන්දේසි සපුරන්නේ 2024 දෙසැම්බර් මාසයේ දීයි.
2024 දෙසැම්බර් මස 09 වැනි දින නියම කර තිබූ රුපියල් ලක්ෂයක මුදල් ඇපය සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් තැන්පත් කර ඔහු බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා.
ඉන් පසුවයි ඔහු විදෙස් රටකට පලාගොස් ඇතැයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පසුව පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී 2025 වසරේ ජනවාරි 16 වැනිදා එරට ආරක්ෂක අංශ අත් අඩංගුවට පත් වනවා.
ඒ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු විමේ චෝදනා මතයි.
ඒ සම්බන්ධයෙන් පොඩි ලැසීට එරෙහිව මුම්බායි නුවර අධිකරණයක විභාග වු නඩු විභාගය මීට දින කිහිපයකට පෙර අවසන් වුණා.
ඒ අනුවයි ඉන්දීය ආරක්ෂ අංශවල දැනුවත් කිරිම පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පොඩි ලැසී මෙරටට රැගෙන ඒම සඳහා ඉන්දියාව බලා පිටත්ව යන්නේ.
ඒ අනුව අද පෙරවරුවේ මෙරටට රැගෙන ආ පොඩි ලැසී වැඩි දුර විමර්ශණ සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගියා.
ඔහුව අද දහවල් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිළධාරීන් පවසා සිටියේ ඉදිරි විමර්ශන කටයුතුවලට අදාළව ප්‍රශ්න කිරිමට රැදවුම් නියෝග ලබා දෙන ලෙසයි
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු බද්දේගම මහේස්ත්‍රාත් විසින් ‘පොඩි ලැසී’ දින 7ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දුන්නා.

මේ අතර අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරු දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයින් 48 දෙනෙකු පමණ ඝාතනය කිරීමේ සිදුවිම වලට සම්න්ධ බව විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.
මෙම ඝාතන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ උපදෙස් මත සිදු කල බවද ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.

‘සර්…සුද්දා කියන්නේ මගේ දෙයියෝ වගේ
සුද්දා වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා.
මම මේවා සල්ලි බලාගෙන නෙවෙයි කරන්නේ.
“දන්නවද සර් අකුරේගොඩ දී මම දෙන්නටම එක ගානේ තිබිබා.තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා.”
මෙම වෙඩි තැබීමෙන් පසු තමන් මෝටර් රථයකින් කොට්ටාව මංසන්ධියට පැමිණ ඉන් බැස බස් රථයක නැග මාලඹේට ගිය බවත් ඔහු පවසා තිබෙනවා.
“මම මොණරාගලට පනින්නයි ලෑස්තිවෙලා හිටියේ
මට මාලඹේ දී එක් පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 2ක මුදලක් දුන්නා.”
තමන් එම මුදලත් රැගෙන අධිවේගී මාර්ගය ඔස්සේ මත්තලට පැමිණ මොණරාගල දෙසට තවත් බස් රථයකින් පැමිණි බවත් විමර්ශන නිළධාරීන්ට පවසා තිබෙනවා.
“සර්.. ඒ බස් එකේ හිටියේ මමයි ඩ්‍රයිවරුයි විතරයි, බස් රථයෙන් බැස සිටින විට දුරකථන ඇමතුමක් ලැබුන ලඟට පැමිණි ත්‍රිරෝද රථයකට ගොඩ වෙන්න කියලා
පස්සේ ත්‍රිරෝද රථයෙන් මොණරාගල නක්කල ප්‍රදේශයට ආවා. ඊට පස්සේ අංගොඩ ලොක්කාගේ යාලුවෙක් වෙන කැලුම් ඇවිත් ගෙදර අඬගහගෙන ගියා.”

මේ අතර තලංගම අකුරේගොඩ දි නීතිඥවරයාට සහ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවන වෙඩික්කරු වන හිටපු නාවික සෙබළාට නවාතැන් දුන් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් මොණරාගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොණරාගල මූලස්ථාන පොලිසිය සදහන් කලේ මෙම පුද්ගලයා මැදගම නන්නපුරාව දිවියාපොළ හන්දියේ පිහිටි නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවයි.
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගැනුනේ මෙම පෞද්ගලික උපකාරක ගුරුවරයාට අයත් මොනරාගල නක්කල ටැංවත්ත ප්‍රදේශයේ නිවස සැඟව සිටිය දී යි.

Share