මේ අතර පවතින වර්ෂාව සහ මෑතකදී ඇති වු නායයෑම් හා භූ අස්ථාවර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පනවා ඇති තෙවන සහ දෙවන අධියරේ නාය යෑමේ අනතුරු ඇගවිමේ නිවේදන තවදුරටත් අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හඟුරන්කෙත ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ වලට දෙවන අදියරේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙනවා.
එමෙන්ම තෙවන අදියරේ නිවේදන මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිලදණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට බල පැවැත්වෙනවා.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම් අවදානම් ප්‍රදේශ ලෙස නම්කර ඇති ප්‍රදේශවල පිහිටි සියලුම පාසල් අද පෙරවරු 11:00ට වසා දැමීමේ තීරණයක් ගැනුනා.
ඒ, අනුව පවතින තත්ත්වය අනුව ඉදිරි තීරණ ගැනීම සඳහා සියලුම විදුහල්පතිවරුන්ට පූර්ණ බලය පවරා ඇති බවයි ඌව පළාත් අධ්‍යාපන ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා කියා සිටියේ.
ඔහු පැවැසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් බවයි.
මේ අතර ප්‍රධාන ජලාශ 73න් 28ක් මෙන්ම මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් අද පෙරවරු වන විටත් වාන් දැමීම සිදුවන බව ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා සදහන් කළා
යාන්ඔය හා දැදරු ඔය ජලාශයන් ජලය නිදහස්කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කර තිබුනද, ඒ ආශ්රිත කිසිදු ගංගා ද්‍රෝණියකට අනතුරුදායක ලෙස ජලය නිදහස් කිරීමක් සිදු නොවන බවත් ඔහු සදහන් කළා
මේ අතර මහවැලි ජලාශ පද්ධතියේ වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ යන ජලාශවල ජල මට්ටම් පිළිබඳව මහවැලි අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වික්ටෝරියා ජලාශය වාන් මට්ටමට සෙන්ටි මීටර 188ක් පහළින් පවතින අතර රන්දෙනිගල ජලාශය වාන් මට්ටමට සෙන්ටි මීටර 40ක් පහළ මට්ටමක සහ රංටැඹේ ජලාශයේ වාන් මට්ටමට සෙන්ටි මීටර 151ක් පහළින් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව මේ වන විට ජලාශ වාන් දැමීමක් සිදු නොවුනද කාලගුණ පුරෝකථනයන්ට අනුව එම ජලාශවල පෝෂිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාපතනය අනුව ජලාශ වාන් මට්ටම කරා ලඟා වන බවත්, එලෙස ඇතිවන වර්ෂාපතනය තවදුරටත් පවතින්නේ නම්, ඉදිරියේදී රන්දෙනිගල ජලාශය වාන් දැමීම සිදු විය හැකි බවත්, එමඟින් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවත් එහි සඳහන්.
එමෙන්ම වික්ටෝරියා ජලාශය ද වාන් දැමීම සිදු වුවහොත් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.





