ලොව විශාලතම ස්වභාවික දම් පැහැති මැණිකක් ලෙස සැලකෙන “Star of Pure Land” කොළඹදී පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවකදී නිල වශයෙන් එළි දැක්වුණා.
මෙම මැණික කැරට් 3,536ක් බරින් යුක්තයි.
එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර වන බව සඳහන්.ලොව විශාලතම ස්වභාවික දම් පැහැති මැණිකක් ලෙස සැලකෙන “Star of Pure Land” කොළඹ දී එළි දැක්වුණා.
අමෙරිකානු මැණික් විද්‍යායතනය විසින් ස්වභාවිකව නිර්මාණය වූ, තාප පිරියම් නොකළ දුර්ලභ ගණයේ මැණිකක් ලෙස මෙය සහතික කර තිබෙනවා. කිරණ හයකින් යුත් තාරකාවක හැඩයක් එම මැණිකෙහි දක්නට ලැබීම ඉතා සුවිශේෂි වන අතර, ඒවා පැහැදිලිව සහ සමමිතිකව පිහිටා තිබීම විශේෂත්වයක්.
මැණිකේ මුළු මතුපිටම ඉතා අලංකාරවත් ලෙස මෙම හැඩතලයන් දිස්වීම විශේෂත්වයක්.
රවුම් කැබොෂොන් ක්‍රමයට කපා නිමවා ඇති මෙම මැණික එම කැපුම සහිත ලොව විශාලතම ස්වභාවික දම් පැහැති මැණිකයි.
විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට මෙම මැණිකේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300 සිට 400 අතර වනවා.
දැනට අමෙරිකාවේ ඇරිසෝනාහි පිහිටි ටස්කම් මාස්ටර් පීස් ජෙම් සොසයිටි ආයතනය මෙහි භාරකාරත්වය දරන අතර, ස්ටාර් ඔෆ් පියෝ ලැන්ඩ් ව්‍යාපෘතිය හරහා මෙහි ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කෙරෙනවා.
වසර මිලියන ගණනාවකට පෙර භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් හරහා නිර්මාණය වූ මෙම අගනා උරුමය හමු වී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ මැණික් පතලකින්.





