රටේ ඉහළම නිලය දරන ජෙනරාල්වරයාට එරෙහිව චීන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

බරපතල විනය සහ නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රටේ ඉහළම නිලය දරන ජෙනරාල්වරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඒ ජනාධිපති ෂී ජින් පිංගේ සමීපතම හමුදා සගයා ලෙස සැලකෙන ජෙනරාල් ෂැං යූෂියාට එරෙහිවයි.
මේ අතර, තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන ජෙනරාල් ලියු ෂෙන්ලි ද විමර්ශනයට ලක්ව ඇති බව අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

Share