ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය සංක්රමණ විරෝධී ස්ථාවරය ක්රියාත්මක කරමින් රටවල් 12 ක පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති අතර තවත් රටවල් හතකට පසුගියදා අර්ධ වශයෙන් තහනම් පැනවූවා.
මේ හේතුවෙන් 2026 FIFA ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් ද අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ එහි සත්කාරකත්වය දරන්නේ අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව වීම හේතුවෙන්.
ලෝක කුසලානය සඳහා දැනටමත් සුදුසුකම් ලබා ඇති රටවල් 42 අතරට ට්රම්ප් විසින් තහනම් කරන ලද රටවල් දෙකක් වන හයිටිය සහ ඉරානය අයත් වනවා.
හයිටි සහ ඉරානයේ ක්රීඩකයන්ට සහ කණ්ඩායම් සාමාජිකයින්ට පමණක් ඇමෙරිකාවට ඇතුළුවීමට අවසර ලැබී ඇති බව සඳහන්.
නමුත් එම කණ්ඩායම්වල පවුලේ සාමාජිකයන්ට හෝ ක්රීඩා ලෝලීන්ට ඇමෙරිකාවට ඇතුලවීමට අවසර හිමිවන්නේ නැහැ.





