ආපදා හේතුවෙන් විපතට පත්වූ රට යථා තත්ත්වයට පත්වන තෙක් රටට ණය විරාමයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති ගිවිසුම වෙනස් කර ගත යුතු බවයි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ආපදාවෙන් අවතැන්වූ අරණායක ප්‍රදේශයේ ජනතාව හමුවීමෙන් පසු ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින්.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් රඳවා සිටින අරණායක රිවිසඳ විද්‍යාලයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ විමසා බැලුවා.





