රජය විසින් පාලන මිලට වී මිලදී ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමෙන් වී ගොවීන් පීඩාවට

රජය විසින් නියම කර ඇති පාලන මිලට වී මිලදී ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් මේ වන තුරු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් වී ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.
මෙවන් පසුබිමක වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ මහ කන්නයේ වී අස්වනු නෙලන සියලු ප්‍රදේශවල රජයේ වී ගබඩා විවෘත කර තිබෙන බවයි.
නමුත් ගොවීන්න් චෝදනා කරන්නේ අමාත්‍යවරයා පවසන ආකාරයට සිය ප්‍රදේශවල රජයේ වී ගබඩා විවෘත කර නොමැති බවටයි.

ප්‍රදේශ රැසක මේ වන විට මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ගොවියන්ගෙන් වී මිලදී ගැනීම සඳහා රජය විසින් සහතික මිලක් ලබා දී ඇති අතර ගොවීන් චෝදනා කරන්නේ එම සහතික මිලට වී මිලදී ගැනීම සඳහා සිය ප්‍රදේශවල රජයේ වී ගබඩා මෙතෙක් විවෘත කර නොමැති බවයි. මේ අතර පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් වී අස්වැන්න කුණු කොල්ලයට මිලදී ගන්නා ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ගොවි සංවිධාන පෙන්වා දෙනවා. මෙවන් පසුබිමක වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ ඕනෑම වී ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය සූදානම් අතර වී අස්වනු නෙළන සියලු ප්‍රදේශවල රජයේ වී ගබඩා විවෘත කර තිබෙන බවයි.

Share