රජය නියම කර ඇති පාලන මිලට වී මිලදී ගැනීම සදහා නිසි වැඩපිළිවෙලක් මේ වන තෙක් ක්‍රියාත්මක කර නැහැ

රජය නියම කර ඇති පාලන මිලට වී මිලදී ගැනීම සදහා නිසි වැඩපිළිවෙලක් මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බව අනුරාධපුර සහ අම්පාර ප්‍රදේශයේ ගොවි ජනතාව චෝදනා කරනවා.
ඔවුන් පවන්නේ තම ප්‍රදේශවල මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇතත් රජයේ වී ගබඩා මෙතෙක් විවෘත කර නොමැති බවයි.

ප්‍රදේශ රැසක මහ කන්නයේ වී වගාව සඳහා දිට්වා සුළි කුණාටුවෙන් එල්ල වූයේ දැඩි බලපෑමක්.
එමෙන්ම මහ කන්නයේ වී වගාව සඳහා නිසි කලට පොහොර සහනාධාරය නොලැබුණු බවටද ගොවීන්ගෙන් දැඩි චෝදනා එල්ල වුණා.
කෙසේ වෙතත් මේ සියලු ප්‍රශ්න මැද අනුරාධපුරය සහ අම්පාර ඇතුළු ප්‍රදේශ කිහිපයක මහ කන්නයේ වී අස්වැන්න නෙලීම මේ වන විට ආරම්භකර තිබෙනවා.
නමුත් ගොවීන් චෝදනා කරන්නේ වී අස්වනු නෙලීම ආරම්භ කළද තම ප්‍රදේශවල රජයේ වී ගබඩා මෙතෙක් විවෘතව නොමැති බවයි.
මේ හේතුවෙන් තමන්ට රජය විසින් නිකුත් කර ඇති සහතික මිලට හෝ වී අලෙවි කිරීමට නොහැකි බවට ගොවීන් චෝදනා කරනවා.
කෙසේ වෙතත් අප වාර්තාකරුවන් පැවසුවේ අද පෙරවරුවේ අනුරාධපුර ප්‍රදේශයේ රජයේ වී ගබඩා විවෘතව පැවති බවයි.

Share