මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර ඇති වෘත්තීය ක්‍රීයාමාර්ගය අද සිට තවදුරටත් තීව්‍ර කෙරුණා.
ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අද සිට ආවරණ රාජකාරිවලින් ඉවත් වී තිබෙනවා.
මේ අතර අද කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ, දැනට නමුත් ස්ථාන මාරු ලැබී ඇති වෛද්‍යවරුන් 50 දෙනෙක් ලබන සතියේ එකවර අදාළ ස්ථානමාරු ලබාගනිමින් අක්ෂි රෝහලේ සේවයෙන් ඉවත්වන බවයි.





