දිවයිනපුරා සියලුම රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන් අද උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක නිරත වනවා. මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම මීට හේතුවයි. මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් මෙම වර්ජනය කැඳවනු ලැබුවා. මෙම සංකේත වර්ජනය හේතුවෙන් පරීක්ෂණ සිදු කර ගැනීමට පැමිණි රෝගීන් පීඩාවට පත් වූ අතර විකිරණ තාක්ෂණවේදීන්ගේ සහය අවශ්‍ය සැත්කම්ද කල් දැමුණා.





