1960 දශකයේ ඉන්දියානු සිනමාව බිහිකළ ජනප්‍රියමතම රංගන ශිල්පියකු වූ ධර්මේන්ද්‍ර ඩියෝල් අද අභාවප්‍රාප්ත වුණා.
ලබන දෙසැම්බර් 08 වැනිදා ඩියෝල් 90 වැනි උපන් දිනය සැමරීමටයි නියමිතව සිටියේ.
ෆිල්ම් ෆෙයාර් සඟරාව විසින් සංවිධානය කරන ලද තරගයක් ජයග්‍රහණය කරමින්, 1960 දී දිල් භි ටෙරා හම් භි ටෙරේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමේ වරම් දිනාගත් ධර්මේන්ද්‍ර, එම දශකයේ හින්දි සිනමාවට පෑයූ ජනප්‍රියම තරුව වුණේ නිතැතින්.
ඔහුගේ කඩවසම් පෙනුම හේතුවෙන් කෙටි කලක් තුළ ඔහු ලෝකයේ කඩවසම්ම සිනමා තරුවක් ලෙස ජනප්‍රිය වුණේ බොලිවුඩයේ “He-Man” ලෙසයි.
‘ෂෝලේ’, සීතා ඕර්, ‘මෙරා ඩීෂ්ග්‍යාග්’, ධර්මවීර්, බන්දිනි ‘ ෆූල් ඕර් පත්තර් ‘ ඇතුළු එකල ජනප්‍රිය වූ හින්දි චිත්‍රපට ඇතුළු සිනමා පට 300කට පමණ රංගනයෙන් දායක වී ඇති ධර්මේන්ද්‍ර ඩියෝල්, දශක පහක් පුරා විහිදුණු ප්‍රශංසනීය වෘත්තීය ජීවිතය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් ගෞරව සම්මානයෙන් මෙන්ම පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
සනී ඩියෝල්, බොබී ඩියෝල් ඇතුළු දරුවන් පස්දෙනෙකුගේ පියා වූ ධර්මේන්ද්‍ර, 1954 දී ප්‍රකාශ් කෞර් සමගත් 1980 දශකයේ මුල් භාගයේදී ජනප්‍රිය නිළි හේමා මාලිනී සමඟත් විවාහ වූ බව සඳහන්.





