යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුවක් කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අප්‍රේල් මස 24 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
විත්තිකාර ඩේසි ෆොරෙස්ට් නමැත්තිය නඩු විභාගයකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයකින් පසුවනවාද යන කාරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් කැඳවා ඇති විශේෂඥ වෛද්‍ය වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නිතීඥවරයා සඳහන් කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා මෙම නියෝගය නිකුත් කළා.

හිටපු ජනාධිපති මහින්දගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරෙස්ට් යන විත්තිකරුවන්ට නඩුව අප්‍රේල් මස 24 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කරයි.

Share