එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී ලබන 12 වැනිදා ආරම්භවන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලිය සඳහා සහභාගීවන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද දිවයිනෙන් පිටත්ව ගියා.
කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යලයේ විමත් දින්සරටයි.
උප නායකත්වය දරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ කවීජ ගමගේ විසින්.
මෙම සංචිතයට යාපනය හාඩ්ලි විද්‍යාලයේ ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත්.
ඒ විග්නේෂ්වරන් ආකාෂ් සහ කුගතස් මාතුලන්. මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නේපාලයට එරෙහිව ලබන 13 වැනිදා පැවැත්වෙනවා.
මූලික වටයේ දී ශ්‍රී ලංකාව සමග තරග වදින සෙසු රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයයි.





