යුරෝපයේ විශාලතම තානාපති කාර්යාලය ලන්ඩනයේ ඉදිකිරීමට චීනයට අවසර

බීජිං සමඟ සබඳතා වැඩිදියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍ය රජය යුරෝපයේ විශාලතම තානාපති කාර්යාලය ලන්ඩනයේ ඉදිකිරීමට චීනයට අද අනුමැතිය ලබා දුන්නා.

ඔත්තු බැලීම සඳහා කඳවුරක් ලෙස එය භාවිතා කළ හැකි බවට බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද දේශපාලනඥයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා මෙම අවසර ලබා දීම එරට තුළ ඇති කර ඇත්තේ දැඩි ආන්දෝලනයක්.

නව තානාපති කාර්යාලයක් ඉදිකිරීමේ චීනයේ සැලසුම්, බ්‍රිතාන්‍යයේ පුරවැසියන්, නීති සම්පාදකයින් සහ හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන්ගේ විරෝධය හේතුවෙන් වසර තුනක් තිස්සේ ඇණ හිට තිබෙනවා.

Share