මැදපෙරදිග යුද්ධයට මේ වන විට හූති කැරලිකරුවන් සම්බන්ධ වීම හේතුවෙන් එහි සෘජු බලපෑම බරපතළ ලෙස ශ්‍රී ලංකාවට එල්ල වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් සාම කලාපයක් වන ඉන්දීය සාගරයත් යුද කලාපයක් බවට පත්විය හැකි බවයි.
එසේම කොළඹ වරායේ පර්යන්ත පවා විවිධ රටවල් මේවනවිට සිය කාර්යයන් සඳහා ඉල්ලා සිටීමත් බරපතළ ගැටලුවක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.





