යුක්රේනය සහ රුසියාව අතර සාම ගිවිසුමකට එලැඹීමේ අඛණ්ඩ උත්සාහයේ අරමුණ වෙනුවෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී තිබෙනවා.
ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ට අයත් මාර්-ඒ-ලාගෝ මන්දිරයේදී මෙම හමුව සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
යුක්රේන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන තුන්වැනි අවස්ථාව මෙයයි.
රුසියානු – යුක්රේන සාම සැලැස්මට අමෙරිකානු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවලින් 90%ක් සඳහා යුක්රේනය එකඟ වන බව දෙපාර්ශ්වය අතර පැවැති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළා.





