පන්නල සජබ අපේක්ෂක අත්අඩංගුවට

දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය සමග සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව එහි සිටි ධීවරයින් 6 දෙනා ද සමගින් තංගල්ල ධීවර වරායට ඊයේ පස්වරුවේ රැගෙන එනු ලැබුවා. දකුණු මුහුදු තීරයේ නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් එහි සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු ද සමග සිය භාරයට ගනු ලැබුවා.
අදාළ බහුදින ධීවර යාත්‍රාව ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.
උරවල අසුරා තිබූ මත්ද්‍රව්‍ය බවට සැක සහිත පාර්සල් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පරික්ෂාවට ලක් කළා.
එහිදී අනාවරණ වූයේ එම පාර්සල්වල හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවයි.
යාත්‍රාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 376ක්.‍
පැකට් 100 බැගින් වූ ගෝනි 5ක අසුරා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 115ක් පැකට් 200 බැගින් ගෝනි 13ක අසුරා තිබූ අයිස් කිලෝ 261ක් එම මත්ද්‍රව්‍ය තොගයට අයත්.
ඊට අමතරව, පිස්තෝලයක් මැගසින් 2ක්, රිවෝල්වරයක් සමග ඉර්ඩියම් චන්ද්‍රිකා දුරකකතනයක් ද යාත්‍රාවේ තිබී පොලිස් භාරයට ගැණුනා.
ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් හය දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම මත්ද්‍රව්‍ය තොගය උණාකුරුවේ ශාන්තට අයත් බවයි දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මේ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාළව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජනබලවේගයෙන් මෙවර ඡන්දයට ඉදිරිපත් වූ පන්නල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක්.

Share