මේ අතර ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ද නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයෙන් පැවසෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළමනාකරණය කරනු ලබන වැව් සහ ජලාශවල ජලය 80%ක් – 90ක් අතර ප්‍රමාණයක් පිරී ඇති බවයි.
එමෙන්ම අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ද එහි වැඩිදුරටත් සඳහන්.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පුරෝකථනයන්ට අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද හා උතුරු පළාත් තුළ පිහිටි ගංගා ද්‍රෝණිවලට වැඩි වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බැවින් මෙම තත්ත්වය ඇති විය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තු නිවේදනයේ පැවසෙනවා.
ඒ හේතුවෙන් අදාළ දිස්ත්‍රික්කවල පිහිටි ගංගා නිම්න ආශ්රිත පහත්බිම්වල හා ගංගා ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබන්නේ.
මේ අතර පවතින වැසි තත්වය හේතුවෙන් මහවැලි සී සහ බී කලාප පෝෂණය කරන බදුල්ල දිස්ත්‍රික්කයේ ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිද මහවැලි ජලාශයේ වාන් හතෙන් තුනක් නැවැතත් විවෘත කර තිබෙනවා.
උල්හිටිය ඔයට ජලය මුදා හැරීම හේතුවෙන්, උල්හිටිය ඔය දෙපස ජනතාව විමසිලිමත්ව සිටින ලෙසද දැනුම් දෙනු ලබනවා.
මේ අතර නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථානවෙත ගමන් කරන ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනු ලබනවා.





